
* වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීම
* කලපු හා ගං මෝය වල සිදුවන සෝදා පාළුව වැළැක්වීම.
* ගංඟා හා ඉවුරු සංරක්ෂණය.
* වෙඑළබඩ ප්‍රදේශවල වැලි කඳු ස්ථාපිත වීමට ඉඩ සැලැස්වීම.
* මසුන් හා වෙනත් ජලජ ජීවීන්ගේ ප්‍රජනනයට හා වර්ධනයට සුදුසු උපස්ථරයක් සැකසීම.
* ධීවර යාත්‍රා නැවැත්වීමට සුදුසු පරිසරයක් වීම.
* පක්ෂීන්ට හා මසුන්ට ආහාර සැපයීම හා වාසස්ථානයක් ලෙස මෙන්ම ප්‍රජනනයට සුදුසු ලෙස පරිසරය සැකසීම.
* කඩොලාන දැව කෘමි හානි වලට ඔරොත්තු දෙන බැවින් ඉදිකිරීම්, මාළු උගුල්, බුරුසු මිටි කර්මාන්තය, ධීවර යාත්‍රා තැනීම හා උපකරණ වල මිටි සඳහා ද භාවිතා කරයි.
* දැව හා දර සඳහා භාවිතා කරයි.
* සමහර කඩොල් ශාකවල පොතුවල ඇති ටැනින් නමැති ද්‍රව්‍යය නිසා ධීවරයින් දැල් පදම් කිරීමට හා සායම් කිරීමට එම පොතු යොදා ගනී.
* Ceriops වැනි කඩොල් ගස්වල ඉපල් මාළු කොටුවල මාළු අතු සඳහා යොදා ගනී.
* ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව වැනි සමහර රටවල කඩොලාන ප්‍රජාවේ වැඩෙන ගිංපොල් නම් කඩොලාන ශාකය මධ්‍යසාර නිෂ්පාදනය සඳහා යොදා ගනී. මෙම ශාකයේ පත්‍ර පැඳුරු විවීමටද භාවිතා කරයි.
No comments:
Post a Comment