Monday, July 5, 2010

ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම




එසේම මාදු ගඟ භූගෝලීය පිහිටීම ගත්විට එම පරිසර පද්ධතිය 2001 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම වශයෙන් හදුන්වා දී ඇත. මෙම පරිසර පද්ධතිය බැලූ බැල්මට කලපුවක් මෙන් දිස් වුවද එහි පවතින ජෛව විවිධත්වය සහ ජෛව සංයුතිය නිසා මෙය තෙත් බිම් පරිසර පද්ධතියක් ලෙස නම් කොට ඇත. තෙත් බිමක් ලෙස හැදින්විය හැක්කේ සාර්ථක ඉහළ ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියකි. මාදු ගඟ තෙත් බිම් පරිසරය කලාප කිහිපයකට බෙදා දක්වා ඇත.මේවා විවිධ කාර්යයන් හා වටිනාකම් මත කලමණාකරනයට ලක්කොට ඇත. වර්තමානයේ මාදුගඟ තෙත් බිම් පරිසරයේ වටිනාකම සහ වැදගත්කම අවබෝධ කරගත් බලධාරීන් විසින් මාදු ගඟ අවට මීටර් 500 ක ප්‍රමාණය රක්ෂිත කලාපයක් ලෙස නම් කොට ඇත.

මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. කලකට ඉහත දී මාදු ගඟ ආශ්‍රිතව දූපත් 64 ක් පමණ පිහිටා තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු විශ්ව විද්‍යාල‍යේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ දූපත් 17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි. මෙහි බොහෝ දූපත් ගොඩබිම් ප්‍රදේශ වන අතර ඇතැම් දූපත් කළුගල් වලින් නිර්මාණය වී ඇත. මෙහි ඉතාම කුඩා ම දූව වන සතපහේ දූව ද කළුගල් වලින් නිර්මාණය වූවකි. මෙම දූපත් අතරින් දූපත් කිහිපයක් හැරුණ කොට ඉතිරි සියලුම දූපත් ජනාවාස වී ඇත. එයින් විශාලම දූපත වන්නේ මාදූවයි.

No comments:

Post a Comment