Monday, July 5, 2010

මාදු ගඟ




මාදු ගඟ ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියකි.බෝට්ටුවක නැගී කඩොලාන කැළෑව අතරින් මාදු ගඟ තරණය කිරීම මනරම් අත්දැකීමකි. මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත් මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ගය වන්නේ බොරලැස්ස ඇළ හීන් ඇළ සහ මාගල ඇළයි.

ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරැමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ.දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් හැටහතරක් දැකිය නොහැකි වී තිබේ.ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ.මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ.මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය.එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි.මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.

*මාදු ගඟේ ඓතිහාසික පසුබිම :




මාදු ගඟ පිහිටා ඇති බලපිටිය ග්‍රාමය පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වල සඳහන් වන්නේ වැලිතොට හෝ වැලිතර නමිනි.ගිරා සංදේශයේත් කෝකිල සංදේශයේත් පරෙවි සංදේශයේත් මයුර සංදේශයේත් සිදත් සඟරාවේත් වැලිතොට යන ග්‍රාම නාමය අපට හමුවේ. එසේම දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී ආක්‍රමණය සඳහා ජාවක හමුදාවක් ගොඩබැස ඇත්තේ වැලිතොට තොටමුණටය.මේ අවස්ථා‍වේදී දේවපතිරාජ අමාත්‍යවරයා තම බල සේනා සමඟ එක්ව ආක්‍රමණික ජාවක හමුදාව සමුල ඝාතනය කිරිම සදහා රැදී සිටියේ මේ ප්‍රදේශයේදීය.වැලිතොට බලසේනා රැස්කර දැමීම නිසා පසුව බලපිටිය බවට පත්වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.ලක්දිවට දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරැ මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ වැලිනදී තොටමුණෙන් කොත්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත්වු පසු නැවත ගිය බව ජනප්‍රවදයේ පවතින තවත් විශ්වාසයකි.කොත්දුවේ දළදාවහන්සේ වැඩසිටි නිසා එම කොත් දුවට පරිවාර වන පරිදි අවට ගම් බිම් වල විහාරස්ථාන 23 පමන මෙම තෙත් බිම් කලාපයේ අදටද දැකගත හැකි ය.

ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම




එසේම මාදු ගඟ භූගෝලීය පිහිටීම ගත්විට එම පරිසර පද්ධතිය 2001 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම වශයෙන් හදුන්වා දී ඇත. මෙම පරිසර පද්ධතිය බැලූ බැල්මට කලපුවක් මෙන් දිස් වුවද එහි පවතින ජෛව විවිධත්වය සහ ජෛව සංයුතිය නිසා මෙය තෙත් බිම් පරිසර පද්ධතියක් ලෙස නම් කොට ඇත. තෙත් බිමක් ලෙස හැදින්විය හැක්කේ සාර්ථක ඉහළ ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියකි. මාදු ගඟ තෙත් බිම් පරිසරය කලාප කිහිපයකට බෙදා දක්වා ඇත.මේවා විවිධ කාර්යයන් හා වටිනාකම් මත කලමණාකරනයට ලක්කොට ඇත. වර්තමානයේ මාදුගඟ තෙත් බිම් පරිසරයේ වටිනාකම සහ වැදගත්කම අවබෝධ කරගත් බලධාරීන් විසින් මාදු ගඟ අවට මීටර් 500 ක ප්‍රමාණය රක්ෂිත කලාපයක් ලෙස නම් කොට ඇත.

මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂි භූගෝලීය පිහිටීමක් ලෙස ඒ අවට පිහිටියා වු දූපත් සමූහය පෙන්වා දිය හැක. කලකට ඉහත දී මාදු ගඟ ආශ්‍රිතව දූපත් 64 ක් පමණ පිහිටා තිබූ බව සඳහන් වන නමුත් 1997 රුහුණු විශ්ව විද්‍යාල‍යේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශය මගින් කල අධ්‍යයනයක දී සොයා ගැනුනේ දූපත් 17 ක් පමණක් ඉතිරිව ඇති බවයි. එහෙත් මාදු ගඟ ආශ්‍රිතව වෙසෙන ජනතාව ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් දූපත් 25 ක් පමණ නොනැසී පවතින බවයි. මෙහි බොහෝ දූපත් ගොඩබිම් ප්‍රදේශ වන අතර ඇතැම් දූපත් කළුගල් වලින් නිර්මාණය වී ඇත. මෙහි ඉතාම කුඩා ම දූව වන සතපහේ දූව ද කළුගල් වලින් නිර්මාණය වූවකි. මෙම දූපත් අතරින් දූපත් කිහිපයක් හැරුණ කොට ඉතිරි සියලුම දූපත් ජනාවාස වී ඇත. එයින් විශාලම දූපත වන්නේ මාදූවයි.

මාදු ගඟ ආශ්‍රිත ජෛව විවිධත්වය







මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිසා ද මාදු ගඟ ඉතා සුවිශේෂි ගං කොමළියක් වේ. කඩොලාන ශාක පරිසරය ද ඊට අමතරව දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ද මෙය සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස දැක්විය හැක. එසේම මාදු ගඟට ආවේනික වූ ශාක සහ සත්ත්ව විශේෂ ද මෙම ප්‍රදේශයෙන් සොයාගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන්ගේ නිවහනක් වශයෙන් ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන ශාක විශේෂ 14 ක් ද මෙහි දැකිය හැකි අතර ඊට අමතරව මාදු ගඟට පමණක් ආවේනික වූ ශාක විශේෂයක් වන රත්මිල්ල ද මෙහි වේ. මෙම ශාක විශේෂය මාදු ගඟ ආශ්‍රිත දූපතක් වූ ඕවිලාන දූපත ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන ශාක වලට අමතරව ශාක විශේෂ මෙම මාදු ගඟ ආශ්‍රිතව දැක ගත හැකිය. උණ බට, කිතුල්, මිල්ල, ඇඹරැල්ලා, ගිම් පොල්, පුවක්, කොස් ආදී ශාක එම ශාක විශේෂ අතර කිහිපයක් පමණි. ‍ඖෂධීය ශාක ද මාදු ගඟ පරිසර පද්ධතිය ආශ්‍රිතව දක්නට ලැබේ. ඒ අතර උදුපියලිය, නිදිකුම්බා, ගොටුකොළ, ගිරාපලා ආදිය විශේෂ වේ. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වන බෝවිටියා, කුරුදු, කැකුණ ආදිය ද මෙම මාදු ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ජපන් ජබර, සැල්වීනියා වැනි ආක්‍රමණකාරී ශාක නිසා මාදු ගඟ පරිසර පද්ධතිය අවධානමට ලක් වී ඇත. ශාක පමණක් නොවේ විවිධාකාර වූ සත්ත්ව විශේෂ ද මාදු ග‍‍‍‍‍‍‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වී ඇත. පක්ෂීන්, මත්සයින්,උරගයින්, සර්පයින්, උභය ජීවීන් ආදීන් මේ අතර විශේෂ වේ. එසේම මාදු ගඟ ආශ්‍රිතව සමනල සහ සලඹ විශේෂ ද දක්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වයන් වන උණහපුලුවා,කොළවඳුරා,දඬුලේනා ආදි සත්ත්වයන් ද මාදු ගඟ ආශ්‍රිතව දැකගත හැකිය.

මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිසා ද මාදු ගඟ ඉතා සුවිශේෂි ගං කොමළියක් වේ. කඩොලාන ශාක පරිසරය ද ඊට අමතරව දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ද මෙය සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස දැක්විය හැක. එසේම මාදු ගඟට ආවේනික වූ ශාක සහ සත්ත්ව විශේෂ ද මෙම ප්‍රදේශයෙන් සොයාගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන්ගේ නිවහනක් වශයෙන් ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන ශාක විශේෂ 14 ක් ද මෙහි දැකිය හැකි අතර ඊට අමතරව මාදු ගඟට පමණක් ආවේනික වූ ශාක විශේෂයක් වන රත්මිල්ල ද මෙහි වේ. මෙම ශාක විශේෂය මාදු ගඟ ආශ්‍රිත දූපතක් වූ ඕවිලාන දූපත ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන ශාක වලට අමතරව ශාක විශේෂ මෙම මාදු ගඟ ආශ්‍රිතව දැක ගත හැකිය. උණ බට, කිතුල්, මිල්ල, ඇඹරැල්ලා, ගිම් පොල්, පුවක්, කොස් ආදී ශාක එම ශාක විශේෂ අතර කිහිපයක් පමණි. ‍ඖෂධීය ශාක ද මාදු ගඟ පරිසර පද්ධතිය ආශ්‍රිතව දක්නට ලැබේ. ඒ අතර උදුපියලිය, නිදිකුම්බා, ගොටුකොළ, ගිරාපලා ආදිය විශේෂ වේ. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වන බෝවිටියා, කුරුදු, කැකුණ ආදිය ද මෙම මාදු ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ජපන් ජබර, සැල්වීනියා වැනි ආක්‍රමණකාරී ශාක නිසා මාදු ගඟ පරිසර පද්ධතිය අවධානමට ලක් වී ඇත. ශාක පමණක් නොවේ විවිධාකාර වූ සත්ත්ව විශේෂ ද මාදු ග‍‍‍‍‍‍‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වී ඇත. පක්ෂීන්, මත්සයින්,උරගයින්, සර්පයින්, උභය ජීවීන් ආදීන් මේ අතර විශේෂ වේ. එසේම මාදු ගඟ ආශ්‍රිතව සමනල සහ සලඹ විශේෂ ද දක්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වයන් වන උණහපුලුවා,කොළවඳුරා,දඬුලේනා ආදි සත්ත්වයන් ද මාදු ගඟ ආශ්‍රිතව දැකගත හැකිය.

මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය




මාදු ගඟ පිළිබඳව අවදානය යොමු කිරී‍මේ දී මාදු ගඟ ආශ්‍රිත ජන ජීවිතය පිළිබඳවත් අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ. මාදු ගඟ අවට ප්‍රදේශ වාසීන් සිය ජීවනෝපාය සඳහා මාදු ගඟ අවට පරිසරය බෙහෝ විට උපයෝගී කර ගනී. ඒ අතර වැදගත් ස්ථානයක් මිරිදිය ධීවර කර්මාන්තයට හිමිවේ. මෙයට මූලිකව පදනම වී ඇත්තේ කළපුව ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තයයි. මෙම ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් දහසක් පමණ මාදු ගඟ ආශ්‍රිතව අපට හදුනාගත හැක. ඉස්සන් ඇල්ලීම සදහා යොදාගනු ලබන රිටිපන්න ක්‍රමය ඉතාම ජනප්‍රිය ක්‍රමයක් වී ඇත. ඉස්සන් ඇල්ලීමට භාවිත කරන තවත් ක්‍රමයක් ලෙස ජාකොටු ක්‍රමය දැක්විය හැකිය. කුරුඳු වගාව මඟින් සිය ජීවනෝපාය සරිකර ගනු ලබන ජනතාව මෙම මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබේ. කුරුඳු වගාව මෙන්ම පොල් වගාව ද මෙම ප්‍රදේශය පුරා ජනප්‍රිය වූ තවත් ජී‍වනෝපායකි. මීට අමතරව මාදු ගඟ ආශ්‍රිතව පන් කර්මාන්තය, පොල් රා කර්මාන්තය, කොහු කර්මාන්තය, දැව සහ ලී බඩු සෑදීමේ කර්මාන්ත ද දක්නට ලැබේ. සුවිශේෂී වශයෙන් සංචාරක ව්‍යාපාරය මාදු ගඟ ආශ්‍රීතව අති ජනප්‍රිය වී ඇත. දේශීය විදේශීය සංචාරකයින් මාදු ගඟ නැරඹීම සඳහා පැමිණෙන අතර ඒ සඳහා ලී ඔරු, ෆයිබර් ඔරු, අඟුල්, මෝටර් බෝට්ටු ආදිය භාවිත කරයි.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය වඩාත් ඔප් නංවනවා සේම එම ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ දිවි මග සාර්ථක කර ගැනීමට ද මෙම මාදු ගං කොමළිය ඉමහත් පිටුවහලක් වී ඇතිබව අපට පෙනී යයි. එබැවින් ලෝක උරුමයක් සේම ශ්‍රී ලංකාවේ සුන්දරතම රැම්සා තෙත් බිම වන මාදු ගඟ පරිසර පද්ධතිය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් සේ සැලකිය යුතුය.

Friday, July 2, 2010

ජාතික නාමල් උයන






දඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘතය ක්‍රිස්තු පුර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි.

අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් රුසක් පවතින මෙහි බෝධිඝර,පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000ක් පමණ පැරණි ඉතිහාසයකින් නාමල් උයන සතුය.ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වු අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල

මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.
නා මල

අක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර

පද්ධති රැසක් දක්නට ලැබෙයි.ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානයද මෙය වේ.මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නාගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල ,කළුවර ,මිල්ල ආදි ශාක රැසක්ද දක්නට ලැබෙයි.අපේ රටට ආවේනිකවු හා ආවේනික නොවු පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72ක් කෘමි විශේෂ 75ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

පුරා විද්‍යා රක්ෂිතයක්ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ.ජාතික නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක්ද පවති.මෙය දකුණු ආසි‍යාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙසද හැදින්වේ.තිරිවාන නිධිය තුළ "ආගනේය "නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ ක‍රගෙන ඇත.

පුරා විද්‍යාගවේෂකයෙකු වන බන්දු වීර‍වර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයනේ තුළ කළ පර්යේෂණ වලින් තහවරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20ක භුමි භාගයක පොසිල විසිර තිබේ.පුරා විද්‍යාත්මක අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකිකන් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක්ද ඇති බව පර්යේෂණ වලින් තහවරු වී ඇත.

නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය.මෙය අක්කර 250ක් පමණ පෙදෙසක විසිර ඇත.පුරා විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව රෝස තිරිවාන වලින් නිපැයු පබළු හමුවී ඇති අතර මෝගල් අධිරාජ්‍යයාගේ පෙමිවතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරිමටද රෝස තිරිවාන යොදාගෙන ඇති බව සනාථ වී ඇත. පරිගණක අමතර කොටස් සඳහා හා වාහන වල වින්ඩිස්ක්‍රීන් සඳහාත් රෝස තිරිවාන යොදා ගැනේ.

සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන මේ වනවිට ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ භාරකාරත්වයෙන් පවතී.උන්වහන්සේ නාමල් උයන සංරක්ෂණය කර වීමට දක්වන මෙහෙය පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.