
08 .කිරල(ප්‍රධාන වශයෙන් විශේෂ හතරකි)
i. Sonneratia Alba
කුලය-Sonneratiaceae
මෙම විශේෂය තෙත් කලාපීය පරිසරයන් වන කළුතර කළු ගඟේ මෝය ආශ්‍රිත ශාක ප්‍රජාව, ගාල්ල දිස්ත්‍රික්කයේ මාදු ගඟ ආශ්‍රිත ශාක ප්‍රජාව තුළ වේ.
සාමාන්‍ය කිරල ලෙස හඳුන්වන Sonneratia Caceolaris ශාකයට ඉතා සමීප රූපීය ලක්ෂණ පෙන්වන අතර පුෂ්ප වල වෙනස්කම් පමණක් පැහැදිලිව හඳුනාගත හැකි වේ. මෙහි පුෂ්පය කෝප්පාකාර මනියකින් යුක්ත වන අතර ඵලයේ මූලස්ථ කොටස් මෙයින් ආවරණය වේ. ඵලයේ අග්‍රස්ථය රවුම්ය මෘදු දළ සහිත පුෂ්පයක් හට ගනී.
ii. Sonneratia Caseolaris
කුලය-Sonneratiaceae
ශුෂ්ක වියළි හා තෙත් කලාපීය යන දේශගණික කලාප තුනටම අයත් කඩොලාන ප්‍රජාවල පැතිර ඇති මෙම කිරල විශේෂය බහුලව ඇත්තේ තෙත් කලාපයේ කඩොලාන ප්‍රජාවලය. මීටර් 2-20ක් පමණ උසට වැඩෙන ශාකයකි. සමහර ශාක වල අධික ලෙස අතු බෙදෙන අතර අතු පහළට එල්ලී වැටුණ ආකාරයෙන් ඇත. නිපත්‍ර නොමැත. පත්‍ර සම්මුකව පිහිටා තිබේ. හොඳින් වර්ධනය වූ මූල පද්ධතියක් ඇත.
විශාල පුෂ්ප අතුවල පත්‍ර අතර හෝ කුඩා අතුවල අංකුර වලින් ඇති වේ. සමහර අවස්ථාවල 2-3ක් ඇති වේ. කොළ පාට මනි පත්‍ර 6-8ක් පමණ ඇත. ඵලය කොළ පාටය. මේරූ ඵලය මතුපිට දිළිසෙන සුළු ස්වභාවයක් පෙන්වයි.ඉදුණු ඵලය ආහාරයට ගනු ලැබේ.
iii. Sonneratia Griffithi
කුලය-Sonneratiaceae
සීමිත ව්‍යාප්තියක් සහිත කිරක විශේෂයකි. වායුධර මුල් ශාකයේ සිට මීටර් 10ක් පමණ දුරට විහිදී ගොස් ඇත. ඝන අරටුවක් සහිත කඳ තද දුඹුරු පාටය. කඳේ පහළ සිටම අතු විහිදී ගොස් ඇත. පත්‍ර තද මාංසල ගතියකින් යුක්ත වන අතර ළපටි පත්‍ර ලා කොළ පාටය. පත්‍ර ඕවලාකාරය. පුෂ්පයේ දළ නොමැති අතර,රේණු සහ කීලය සුදු පාට වර්ණයෙන් යුක්තය. ඵලය සෙන්ටි මීටර් 5-7ක් පමණ විශ්කම්භයක් ඇති පැතලි,ඕවලාකාර හැඩයක් ගනී.
iv. Sonneratia Ovata
කුලය-Sonneratiaceae
ව්‍යාප්තිය ඉතා සීමිතය. අනෙකුත් කිරල විශේෂ වලට වඩා අඩුවෙන් අතු බෙදී ඇත. කඳේ පොත්ත කොළ දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර මැරුණ පොත්ත කොටස් වශයෙන් ගැලවී යයි. අනෙකුත් කිරල විශේෂවල ළපටි අතු එල්ලා වැටෙන ස්වභාවයකින් යුක්ත වේ. නමුත් එම ලක්ෂණය මෙම කිරල විශේෂයේ දක්නට නොමැත. ඵලයේ අඩක් පමණ මනියෙන් ආවරණය වී ඇත. කීලය ඵලයට සවි වන ස්ථානයේ නෙරාගිය ආවාටයක් සේ සැකසී ඇත.
No comments:
Post a Comment