Monday, July 5, 2010

මාදු ගඟ ආශ්‍රිත ජෛව විවිධත්වය

මාදු ගඟ ආශ්‍රිතව දක්නට ලැබෙන ජෛව විවිධත්වය නිසා ද මාදු ගඟ ඉතා සුවිශේෂි ගං කොමළියක් වේ. කඩොලාන ශාක පරිසරය ද ඊට අමතරව දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ද මෙය සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස දැක්විය හැක. එසේම මාදු ගඟට ආවේනික වූ ශාක සහ සත්ත්ව විශේෂ ද මෙම ප්‍රදේශයෙන් සොයාගත හැකිය. මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය පක්ෂීන්ගේ නිවහනක් වශයෙන් ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන ශාක විශේෂ 14 ක් ද මෙහි දැකිය හැකි අතර ඊට අමතරව මාදු ගඟට පමණක් ආවේනික වූ ශාක විශේෂයක් වන රත්මිල්ල ද මෙහි වේ. මෙම ශාක විශේෂය මාදු ගඟ ආශ්‍රිත දූපතක් වූ ඕවිලාන දූපත ආශ්‍රිතව දක්නට ලැබේ. කඩොලාන ශාක වලට අමතරව ශාක විශේෂ මෙම මාදු ගඟ ආශ්‍රිතව දැක ගත හැකිය. උණ බට, කිතුල්, මිල්ල, ඇඹරැල්ලා, ගිම් පොල්, පුවක්, කොස් ආදී ශාක එම ශාක විශේෂ අතර කිහිපයක් පමණි. ‍ඖෂධීය ශාක ද මාදු ගඟ පරිසර පද්ධතිය ආශ්‍රිතව දක්නට ලැබේ. ඒ අතර උදුපියලිය, නිදිකුම්බා, ගොටුකොළ, ගිරාපලා ආදිය විශේෂ වේ. එසේ ම ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂ වන බෝවිටියා, කුරුදු, කැකුණ ආදිය ද මෙම මාදු ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ජපන් ජබර, සැල්වීනියා වැනි ආක්‍රමණකාරී ශාක නිසා මාදු ගඟ පරිසර පද්ධතිය අවධානමට ලක් වී ඇත. ශාක පමණක් නොවේ විවිධාකාර වූ සත්ත්ව විශේෂ ද මාදු ග‍‍‍‍‍‍‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වී ඇත. පක්ෂීන්, මත්සයින්,උරගයින්, සර්පයින්, උභය ජීවීන් ආදීන් මේ අතර විශේෂ වේ. එසේම මාදු ගඟ ආශ්‍රිතව සමනල සහ සලඹ විශේෂ ද දක්නට ලැබේ. එසේම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වයන් වන උණහපුලුවා,කොළවඳුරා,දඬුලේනා ආදි සත්ත්වයන් ද මාදු ගඟ ආශ්‍රිතව දැකගත හැකිය.

No comments:

Post a Comment