Thursday, July 1, 2010

රිටිගල රක්ෂිත වනාන්තරය





රිටිගල රක්ෂිත වනාන්තරය

Wikipedia වෙතින්

රිටිගල රක්ෂිත වනාන්තරය

මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදිවු රජ ර‍‍‍‍ටේ වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර වලින් මුල් තැනක් රිටිගලවන පියසට හිමි‍‍‍‍‍වෙයි.‍‍‍‍‍‍සොබාදහමට ප්‍රිය කරන ඕනෑම ‍කෙ‍‍‍‍‍‍නෙකු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ගේ සිත පිනා යන අපූරු සුන්දරත්වයක් මේ තුල ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රක්ෂිතයක්ව ඇති මෙම කඳු ශිඛරයේ ඇති රූස්ස ගස් වලින්ද මෙහි ඉතිහාසය පිළිබිඹු වේ.


පිහිටීම

උතරු මැද පළෘතේ,අනුරධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත.
පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත.හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.

විදේශීකයන්ගේ පවා අවධෘනයට ලක්ව ඇත. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වේ.ඒවා නම්,ආසියා කන්ද,බට කන්ද,කොඩිගල,උණ කන්ද,අඹරාපති කන්ද,පටලීය හින්න,කිරිවැල් හින්න ආදිය වේ.600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ.
කිරිය ගස් වැව,කළුඑබේ,මොරගොඩ,මූරියා කඩවල,බමුණුගම,උල්පත,හීනුක්කිරියාව,ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම වන පියස පිහිටා ඇත.

රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි.ඒ සමඟම අපට හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු"බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි.ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්,පියගැට පේළි,කවාකාර වූ ‍ශෛලමය වේදිකා,ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු,සෙල්මුවා පහන්,තටාක,බෙහෙත් ඔරු,සල පතල මළු,සක්මන් මළු,කටාරන් කෙටූ ගල් ලෙන්,පතානගර හා ගල් කුළුණුය.මේ සියල්ලක්ම අපට කියා පාන්නේ අපේ අතීත වාස්තු විද්‍යාවේ විස්මිත නිර්මාණාත්මක ශක්තියයි.එදා සිටි රජවරුනගේසංනිවේදි මානසික ගති ලක්ෂණයන්ය.
වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේදීචෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය.වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්දවර්තමානයේදී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වේ.

වැදගත්කම

* තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත.අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත.
* ‍ඓතිහාසික නටඹුන් නගරයක් ලෙස වැදගත් වේ.
* උද්හිද විද්‍යාත්මකව වැදගත් වේ.

ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත.පළු,වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනි නොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභවර්ගයේ අශෝක වැනි මල් වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති.

* නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය.මිහින්තලේ,වෙස්සගිරිය, යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමි වේ.

මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත්සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැදගත් වන්නට විය.
වර්ෂ 1980 සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතු ආරම්භ වීමත් සමඟ,ඊට අයත් පෞරාණික ස්ථානයක් වශයෙන් රිටිගල වැදගත්කම යළිත් වරක් ඉස්මතු වූ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු දැනට සිදු කරගෙන යනු ලැබේ.

No comments:

Post a Comment