Monday, July 5, 2010

*මාදු ගඟේ ඓතිහාසික පසුබිම :




මාදු ගඟ පිහිටා ඇති බලපිටිය ග්‍රාමය පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වල සඳහන් වන්නේ වැලිතොට හෝ වැලිතර නමිනි.ගිරා සංදේශයේත් කෝකිල සංදේශයේත් පරෙවි සංදේශයේත් මයුර සංදේශයේත් සිදත් සඟරාවේත් වැලිතොට යන ග්‍රාම නාමය අපට හමුවේ. එසේම දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී ආක්‍රමණය සඳහා ජාවක හමුදාවක් ගොඩබැස ඇත්තේ වැලිතොට තොටමුණටය.මේ අවස්ථා‍වේදී දේවපතිරාජ අමාත්‍යවරයා තම බල සේනා සමඟ එක්ව ආක්‍රමණික ජාවක හමුදාව සමුල ඝාතනය කිරිම සදහා රැදී සිටියේ මේ ප්‍රදේශයේදීය.වැලිතොට බලසේනා රැස්කර දැමීම නිසා පසුව බලපිටිය බවට පත්වූ බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.ලක්දිවට දළදා වහන්සේ රැගෙන ආ හේමමාලා කුමරිය හා දන්ත කුමරැ මහසෙන් රජ සමයේදී අනුරාධපුරයට නොගොස් දකුණු වෙරළේ වැලිනදී තොටමුණෙන් කොත්දුවට වැඩමවා සිට කිත්සිරි මෙවන් රජු සිහසුනට පත්වු පසු නැවත ගිය බව ජනප්‍රවදයේ පවතින තවත් විශ්වාසයකි.කොත්දුවේ දළදාවහන්සේ වැඩසිටි නිසා එම කොත් දුවට පරිවාර වන පරිදි අවට ගම් බිම් වල විහාරස්ථාන 23 පමන මෙම තෙත් බිම් කලාපයේ අදටද දැකගත හැකි ය.

1 comment:

  1. මේ උත්සහාය ඉතාම ඉහළින් අගය කරනවා. දිගටම ලියන්න.මේ බ්ලොගයට බ්ලොග් කියවන්නන්ගේ සංසදයක සමාජිකත්වය ගත්තා නම් ‍හුඟාක් අය ඒවි කියවන්න.

    ReplyDelete