
කඩොල්(ප්‍රධාන වශයෙන් විශේෂ දෙකකි)
02-Mangroves to.jpg
i. Rhizophora Apiculat
කුලය-Rhizophoraceae
සාමාන්‍යයෙන් මීටර් 5-8ක් පමණ උසට වැඩේ. නමුත් මාදු ගඟේ බලපිටිය ආශ්‍රිත කඩොලාන ප්‍රජාවේ මීටර් 10-15ක් තරම් උසට වැඩී ඇත. කයිරු මුල් විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. පොත්ත දුඹුරු පාටය. අතු වල පිට පැත්තේ පත්‍ර හා උප පත්‍ර වැටීමෙන් පසු ඇතිවන කළල පැහැදිලිව පෙනේ. පොත්ත සිහින්ව ඇලි වලට බෙදී පවතී. අතුවල පත්‍රවලට පහළින් වැටුණු පත්‍ර කක්ෂවලින් පුෂ්ප හට ගනී. පුෂ්ප දුඹුරු පාටය. ලා දුඹුරු පාට ඵලය ජලාබුජ ප්‍රරෝහණය පෙන්වයි. මෙම ජලාබුජ ඵලය ළපටි අවස්ථාවේ දී දුඹුරු කොළ පාට වේ.
ii. Rhizophora Mucronata
කුලය-Rhizophoraceae
මෙම කඩොලාන ශාක විශේෂය මීගමුව,රැකව,පුත්තලම,කහඳමෝදර ආදී කඩොලාන ශාක ප්‍රජාවන් තුළ වඩාත් ප්‍රචලිතව ඇත. සදාහරිත ශාකයක් වන මෙහි කරු මුල් විශාල සංඛ්‍යාවක් දැකිය හැක. පත්‍ර ඉලිප්සීය ආකාරයක් ගන්නා අතර පත්‍ර අග්‍රයේ සිහින් කෙන්දක් වැනි කොටසක් දැකිය හැකිය. පත්‍ර මතුපිට ලා කොළපාට,තද කොළ පාට වන අතර යට පැත්ත ලා කොළ පාටය. පත්‍ර යට පැත්තේ කලු තිත් රාශියක් දැකිය හැකිය.
පුෂ්ප මංජරියේ බොහෝ විට පුෂ්ප හතරක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇත. පුෂ්පය කහ සුදු පාටය. පුෂ්පයේ රේණු අටක් ඇති අතර සූත්‍රිකාව කෙටිය.
මේරූ ඵලය තද කොළ දුඹුරු පාටය. ජලාබුජ ප්‍රරෝහණය පෙන්නුම් කරන ඵලය මේරූ පසු ජලයට පතිත වී ජලය මතුපිට පාවී ගොස් සුදුසු ස්ථානයක දී පොළව හා සම්බන්ධ වී බීජ වර්ධනය වේ.
No comments:
Post a Comment