පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි .පරිසරය නම් සංකල්පය සොබාදහම ,සොබාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි .පරිසරය පරිසර පද්දති ,ජාන ව්ද්‍යාව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය ,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්‍යාව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී .පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි .
Friday, July 2, 2010
කුමන ජාතික උද්‍යානය - Wikipedia වෙතින්
Wikipedia වෙතින්
කුමන ජාතික උද්‍යානය කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.
ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය නිසා උද්‍යානය 1885 සිට 2003 මාර්තු දක්වා වසා තිබුනි.මෙයට 2004 ඇතිවු සුනාමි තත්වය නිසාද දැඩි බලපෑම් ඇති විය.
කුඹුක්කන් ඔය උද්‍යානයේ දක්ෂිණ සීමාව ලෙස නිර්මාණය වී ඇත.මෙහි ඇති ඇතැම් කලපු සහ වැව් 20 පමණ පෘතුල පක්ෂී ගහණයේ පැවැත්මට උපකාර වේ. කලපු මීටර් 2 (අඩි 6.6)පමණ ගැඹුරකින් යුක්ත වේ.කුමන විල්ලු මුහුදු ජලය නිසා වරින් වර ඇති වන ජල ගැලීම් වලට භාජනය වේ. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.30(ෆැරන්හයිට් අංශක 81.14) පමණ සහ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1,300 (අඟල් 51.18) පමණ වේ.
කුමන ජාතිකඋද්‍යානය ඇතුලත්වම පිහිටන පරිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප‍්රකාශයට පත් කරන ලදී. ශ‍්රී ලංකාවී ප‍්රධානතම වාස භූමියක් සහ අභිජනන ප‍්රදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්‍යානයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප‍්රදේශයට සංක‍්රමණය වේ.දුර්ලබ විශේෂයන් වන Black-necked Stork [12], Lesser Adjutant[13], Eurasian Spoonbill[14] සහ Great Thick-knee[15]උද්‍යානයට සංක‍්රමණය වන පක්ෂීන් අතර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් වර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.
තිලාපියා සහ ගල් මාලු නිතරදැකිය හැකි මත්ස්යයන් අතර වේ.උද්යානයේ වාසය කරන උරගයන් අතර කිඹුලන් සහ කැස්බෑවන් නිතර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.
ශාක ප්‍රජාව
උද්යානයේ වගුරු බිම් නිවර්තන කලාපීය වන ලැහැබ වලින් ආව්‍රැත වී ඇත.කාශ්ඨි ශාක එනම් Manilkara hexandra ( "පලු")[1], Hemicyclea sepieria, Bauhinia racemosa, Cassia fistula ("ඇහැළ")[2], Chloroxylon swietenia ("බුරුත")[3],සහ Salvadora persica[4] වැනි ශාක වර්ග වලින් ඝහනය.කුමන විල්ලුවේ ආක‍්රමණික ලැහැබ Typha angustifolia [5]වන අතර ආක‍්රමණික ශාඛය වන්නෙ Sonneratia caseolaris. කුඹුක්කන් ඔය දිගේ ඇති ඉවුර ආක‍්රමනය කර ගෙන ඇත්තේ Terminalia arjuna[6] ශාඛයයි. Ludwigia[7] spp., Nelumbo nucifera[8], Nymphaea pubescens[9], Aponogeton [10]spp. සහ Neptunia oleracea[11].වගුරු බිමේ සුලභව පවතින වර්නවත් ජලජ ශාඛ වේ.
සත්ව ප්‍රජාව
කුමන ජාතිකඋද්‍යානය ඇතුලත්වම පිහිටන පරිදි කුමන කුරුලු අඹභය භූමියක් ලෙස 1938 දී ප‍්රකාශයට පත් කරන ලදී. ශ‍්රී ලංකාවී ප‍්රධානතම වාස භූමියක් සහ අභිජනන ප‍්රදේශයක් ලෙස කුමන හැඳින්විය හැක.මෙම ජාතික උද්‍යානයෙන් පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.වාර්ෂිිකව අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් කුමන වගුරු ප‍්රදේශයට සංක‍්රමණය වේ.දුර්ලබ විශේෂයන් වන Black-necked Stork [12], Lesser Adjutant[13], Eurasian Spoonbill[14] සහ Great Thick-knee[15]උද්‍යානයට සංක‍්රමණය වන පක්ෂීන් අතර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් වර්ග, වටුවන් වර්ගද බොහෝ වේ.
තිලාපියා සහ ගල් මාලු නිතරදැකිය හැකි මත්ස්යයන් අතර වේ.උද්යානයේ වාසය කරන උරගයන් අතර කිඹුලන් සහ කැස්බෑවන් නිතර දැකිය හැක.හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද වගුරැ පෙදෙසට ආහාර සොයාගෙන පැමිණේ. කුමන උද්‍යානයේ ගැවසෙන අලි ඝහනය 30-40 පමණ වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment