Thursday, July 1, 2010


6. බැරිය(Lumnitzera Racemosa)

කුලය-Combretaceae

මෙම ගණයේ Lumnitzera විශේෂ දෙකක් හදුනාගත හැකි අතර Lumnitzera Racemosa ලංකාවේ සෑම කඩොලාන ප්‍රජාවකම දැකිය හැකිය. බුන්දල කඩොලාන ප්‍රජාවේ ඇති එකම කඩොලාන විශේෂය මෙය වේ. මීටර් 1-3ක් පමණ උසට වැඩෙන හොදින් අතු බෙදී ගිය ශාකයකි. පඳුරක් ලෙස දැකිය හැකි වේ. කඳ තද දුඹුරු පාටය. ඇලි පිහිටා ඇත. සදාහරිත මෙම ශාකයේ පත්‍ර කුඩාය. පුෂ්ප ද ඉතා කුඩාය. එක් ශාකයක ඵල විශාල සංඛ්‍යාවක් ඇති වේ.ජලයේ පාවී තිබෙන ඵල රාශියක් එක වරකට දැකිය හැකිය.


7. රත මිල්ල(Lumnitzera Littorea)

කුලය-Combretaceae

මීටර් 10-15ක් පමණ උසට වැඩෙන ශාකයකි.කඳේ පාදස්ථය තරමක් ඉදිමී ඇත. මතුපිටින් දුවන මුල් පද්ධති වර්ධනය වී ඇත. බොහෝ විට වඩදිය මට්ටමේ හෝ ඊට උස් බිම් වල සෑදේ. කඳ දුඹුරු පාටය. අතු වියනක් ආකාරයට සැකසී ඇත.පුෂ්ප සෙන්ටි මීටර් 1ක් පමණ වේ. පුෂ්පයේ පෙති 4ක් වන අතර රතු පැහැතිය.

No comments:

Post a Comment