Friday, July 2, 2010

බඹර කන්ද ඇල්ල

මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දි‍යඇල්ලයි.උස මී‍ටර් 265කි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පා‍රේ සිට සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇතබඹර කන්ද ඇල්



ඒල්ජින් ඇල්ල


නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් උස මීටර් 25කි.දඹගස්තලාව ඔය මේ ඇල්ල නිර්මාණය කරයි.මෙම ඇල්ලට ඒල්ජින් නම ලැබුනේ අසල තේ වත්තක නම හෙයිනි.තලවකැලේ බදුල්ල දුමිරිය මාර්ගයේ යන විට මේ ඇල්ල දර්ශනය වේ .


ගැරඬි ඇල්ල


රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 46කි.ජලය හිඟ කාලයට දුර සිට බැලුවිට මේ ඇල්ල පෙනේන්නේ බෑවුම් ගල් තලාවක් දිගේ පහළට බහින ගැරඬියෙකු ලෙසනි.


නානු ඔය ඇල්ල


නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.උස මීටර් 60ක් පමණි.නානු ඔයේන් මෙම දිය ඇල්ල නිර්මාණය වේ මෙහි විශේෂත්වය නම් හෙල්මළු හෙවත් ලියදි සහිත බෑවුමක් ඔස්සේ ගලාහැලෙන බැවිනි


යකා ඇඬු ඇල්ල


නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත මීටර් 61ක් පමණ උසය.බුදුන්වහන්සේ ශ්‍රි පාද ලාංඡනය පිහිටු විම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬාවැටුනු නිසා ඊට මෙම නම ලැබි ඇත.


නවරත්තන ඇල්ල


බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ .උස මීටර් 110කි.වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසළක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.මේ ඇල්ලට මෙම නම ලැබි ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුළත් පැරණි රාජනිධානයක් මේ ඇල්ල අසළ ඇතැයි යන විශ්වාසය නිසයි.

මාපනාන ඇල්ල


රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත එළිඔයෙන් මෙම ඇල්ල නිර්මාණය කරයි.ඇල්ල හාත්පස මාපනාන ,මාවනාන යන නම් වලින් විශාල තේ වතු යායක් ඇත.

කුරුදු ඇල්ල


නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත .උස මීටර් 206කි.කුරුදු ඔයෙන් නිර්මාණය වේ.නුවරඑළිය නගරෙයේ සිට කිලෝමීටර් 30 පමණක් දුරකින් පිහිටා ඇත.කුරුදු ඔය බෑවුම් බිමක් ඔස්සේ වේගයෙන් පැමිණ ඇල්ල සාදමින් පහළ ගැඹුරු ද්‍රෝණිකාවකට කඩා හැලේ.

බඹර කන්ද ඇල්ල

මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දි‍යඇල්ලයි.උස මී‍ටර් 265කි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.කොළඹ - බණ්ඩාරවෙළ පා‍රේ සිට සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇතබඹර කන්ද ඇල්ල

No comments:

Post a Comment