පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි .පරිසරය නම් සංකල්පය සොබාදහම ,සොබාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි .පරිසරය පරිසර පද්දති ,ජාන ව්ද්‍යාව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය ,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්‍යාව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී .පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි .
Friday, July 2, 2010
සිංහරාජ වනාන්තරය
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක්වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම්කොට ඇත.
ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන්නාවු මෙම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසුම් අපහසුතාවය හේතුවෙන් වාණිජකරණයට ලක්වීමෙන් ආරක්ෂා විය. මෙය 1978 වසරේදී ජෛවගෝල රක්ෂිතයක් ලෙසද, 1988 වසරේදී ලෝක උරුමයක් ලෙසද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතෙය් “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් දේ.
රක්ෂිතයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුවද ඵය ශාක විශේෂ මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහිදී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහිදී අලි දැකගත නොහැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි. බහුලවම දැකිය හැකි විශාලතම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝ විට ආහාර සොයා යාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීමයි. මෙවැනි රංචුවක් බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙසද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිතය.
සිංහරාජ රක්ෂිතය ශ්‍රී ලංකාව සතු ජාතික උද්‍යානයකි . ඵය සතුව ජාත්‍යන්තර වැදගත්කමක් පවතින අතරම ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක්සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින්ද ප‍්‍රකාශයට පත්කර ඇත.ශ්‍රී ලංකාවේ පහත රට වැසි වනාන්තර කලාපයට අයත් කඳු සහිත වැසි වනාන්තරයක් වන මෙය සීඝ‍්‍ර ලෙස සිදුවන වාණිජකරනයෙන් සහ එහි අනිසි බලපෑම් වලින් ආරක්ෂා කරගනු වස් ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියක් ලෙස 1978 දීද ”සිංහරාජය” යන නමින් ලෝක උරුමයක් ලෙස 1988 දීද ප‍්‍රකාශයට පත් කරන ලදී.
මෙම වෙන්කල ප‍්‍රදේශය නැගෙනහිර දෙස සිට බටහිර දෙසට කිලෝමීටර 21 ක් පමනද උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම වශයෙන් කිලෝමීටර 7 ක් පමනද වන වපසරියකි. නමුත් ලංකාවට ආවේනික බොහෝමයක් ශාක, කෘමී, උභයජීවී, උරග, පක්ෂි සහ ක්ෂීරපායී විශේෂයන්ට මෙය සැඟවුනු නිධානයක් බඳුය.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අදික සහ ඝනව වැවුනු වෘක්ෂලතා ගහනය නිසාම ‘යාල’ වැනි අනෙකුත් වියලි කලාපීය ජාතික වන උද්‍යාන වල දැකිය හැකි තරමේ සත්ව ගහනයක් පහසුවෙන් දැකගත නොහැකි වීමය. ‘අලි’ වැනි විශාල ක්ෂීරපායී සතුන් මෙහි දක්නට නොලැබෙන අතර ‘දිවියන්’ 15 ක් පමන කලාතුරකින් දැකගත හැක. එසේම මෙහි බහුලවම දැකිය හැකි ක්ෂීරපායී සත්වයකු ලෙස ලංකාවට ආවේණික සත්ව විශේෂයක්ද වන දම් මුහුනැති රිලවා හැඳින්විය හැක.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment