පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි .පරිසරය නම් සංකල්පය සොබාදහම ,සොබාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි .පරිසරය පරිසර පද්දති ,ජාන ව්ද්‍යාව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය ,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්‍යාව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී .පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි .
Monday, July 5, 2010
මාදු ගඟ
මාදු ගඟ ලංකාවේ පිහිටි ඉතාම වැදගත් පරිසර පද්ධතියකි.බෝට්ටුවක නැගී කඩොලාන කැළෑව අතරින් මාදු ගඟ තරණය කිරීම මනරම් අත්දැකීමකි. මාදු ගඟ මුහුදට යාවන ගං මෝය හෙවත් මුවදොර පිහිටා ඇත්තේ කොළඹ සිට ගාල්ල අතර ගාලුපාර ආසන්න ව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ කරන්දෙණිය යන බල ප්‍රදේශවලට අයත් මාදු ගඟ ජලජ පරිසර පද්ධතියේ ප්‍රධාන ජල සැපයුම් මාර්ගය වන්නේ බොරලැස්ස ඇළ හීන් ඇළ සහ මාගල ඇළයි.
ලංකාවේ ඉතාමත් වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරැමකම් කියන මාදු ගඟ දුපත් සමූහයකින් මැදිවී තිබේ.දුපත් හැටහතරකින් සමන්විත පාරිසරික නිර්මානයක් ලෙස පැවසෙන මාදු ගඟ තුළ අද වන විට දුපත් හැටහතරක් දැකිය නොහැකි වී තිබේ.ජල මට්ටම් ඉහළ යාමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම එකළග ඇති කුඩා දුපත් යාවීම පස ඛාදනය වී කුඩා දුපත් දියවී යාම ආදී කරැණු නිසා මෙසේ දුපත් ගණන අඩුවන්නට ඇතැයි විස්වාශ කෙරේ.මෙහිලා මාදු ගඟ ආශ්‍රිතව කුඩා දුපත් රැසක් ඇති බවට පිළිගැනේ.මෙම දුපත් 16 අතරින් විශාලතම දුපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්තය.එම දුපත හැදින්වෙන්නේ මාදු යනුවෙනි.මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මාදූව නිසා බවට විශ්වාස කෙරේ.
Subscribe to:
Post Comments (Atom)
Nice image........
ReplyDelete