පරිසරය යන්නෙහි සරලම අරුත වන්නේ අප සහ අප අවට වටපිටාවයි .පරිසරය නම් සංකල්පය සොබාදහම ,සොබාවධර්මය,වටපිටාව යනුවෙන්ද හදුන්වනු ලබයි .පරිසරය පරිසර පද්දති ,ජාන ව්ද්‍යාව,පරිසර ගැටළු,පරිසර සංරක්ෂණය ,ආදී විවිධ ස්වරුපයන්ගෙන් පරිසර විද්‍යාව යටතේ මේ වන විට හදුනා ගනිමින් පවතී .පොත පතින් අප උගත් දේ සොබාව සෞන්දර්යයට වඩා ගැඹුරින් පරිසරය යන්න මගින් නිරුපනය වන බව මගේ හැගීමයි .
Friday, July 2, 2010
ජාතික නාමල් උයන
දඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘතය ක්‍රිස්තු පුර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි.
අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් රුසක් පවතින මෙහි බෝධිඝර,පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000ක් පමණ පැරණි ඉතිහාසයකින් නාමල් උයන සතුය.ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වු අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල
මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.
නා මල
අක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර
පද්ධති රැසක් දක්නට ලැබෙයි.ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානයද මෙය වේ.මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නාගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල ,කළුවර ,මිල්ල ආදි ශාක රැසක්ද දක්නට ලැබෙයි.අපේ රටට ආවේනිකවු හා ආවේනික නොවු පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72ක් කෘමි විශේෂ 75ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.
පුරා විද්‍යා රක්ෂිතයක්ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ.ජාතික නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක්ද පවති.මෙය දකුණු ආසියාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙසද හැදින්වේ.තිරිවාන නිධිය තුළ "ආගනේය "නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ කරගෙන ඇත.
පුරා විද්‍යාගවේෂකයෙකු වන බන්දු වීරවර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයනේ තුළ කළ පර්යේෂණ වලින් තහවරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20ක භුමි භාගයක පොසිල විසිර තිබේ.පුරා විද්‍යාත්මක අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකිකන් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක්ද ඇති බව පර්යේෂණ වලින් තහවරු වී ඇත.
නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය.මෙය අක්කර 250ක් පමණ පෙදෙසක විසිර ඇත.පුරා විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව රෝස තිරිවාන වලින් නිපැයු පබළු හමුවී ඇති අතර මෝගල් අධිරාජ්‍යයාගේ පෙමිවතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරිමටද රෝස තිරිවාන යොදාගෙන ඇති බව සනාථ වී ඇත. පරිගණක අමතර කොටස් සඳහා හා වාහන වල වින්ඩිස්ක්‍රීන් සඳහාත් රෝස තිරිවාන යොදා ගැනේ.
සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන මේ වනවිට ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ භාරකාරත්වයෙන් පවතී.උන්වහන්සේ නාමල් උයන සංරක්ෂණය කර වීමට දක්වන මෙහෙය පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.
Subscribe to:
Post Comments (Atom)
හදිසියේ තොරතුරක් හොයද්දී මේ බ්ලොග් එක අහු උනේ..හුගාක් වටිනවා සහෝදරයා...
ReplyDeleteකරුණාකරලා වර්ඩ් වෙරිෆිකේෂන් ඔප්ෂනය ඉවත් කරන්න...එය කමෙන්ට් කිරීමට ලොකු බාධාවක්...
ReplyDeleteනියමයි. නියමෙනුත් නියමයි.
ReplyDeleteමාරයියා ....... බෝම් ස්තූති පෙන්වා දුන්නාට.
දිගටම ලියන්න සහෝ.
වැදගත් බ්ලොග් එකක්. දිගටම ලියන්න.
ReplyDeleteමාරය කියල තියෙනව වගේ වෙරිෆිකේෂන් අයින් කළානං කොමෙන්ට් දාන අයට පහසුවකි.