Thursday, July 1, 2010




13.ගිං පොල්(Nypa Fruticans)

කුලය-Palmae

පැහැදිලි කඳක් දැකිය නොහැකි ශාකයකි. නමුත් සෙන්ටි මීටර් 70ක් පමණ රෛසෝමයක් වැනි කඳක් ඇති අතර,මෙය බොහෝ විට ජලය තුළ ගිලී ඇත. කඳේ ඇති අග්‍රස්ථ අංකුරයෙන් සංයුක්ත පත්‍ර ඇති වේ. හැඩයෙන්පොල් අතු වලට සමානය. පත්‍රිකා පළලින් අඩුය. පත්‍රයක පත්‍රිකා 30-40ක් එක් පැත්තක පිහිටයි. සෑම පත්‍රිකාවකම පැහැදිලි මැද නාරටියක් ඇත. පත්‍ර මූල හොදින් වර්ධනය වී ඇත. පැතලිය.

පුෂ්ප මංජරිය දුඹුරු පාටය. ජල මට්ටමට මායිම්ව වර්ධනය වේ. ඵලය පැතලි ස්වභාවයක් ගන්නා අතර ඵලයේ ඇලි පිහිටා ඇත. ඵලයේ පිටත ආවරණය කෙඳි සහිත වීම නිසා ජලයේ පාවීමට හැකි

14.හීන් කඩොල්(Aegiceras Corniculatum)

කුලය-Myrsinaceae

මීටර් 1-3ක් පමණ උසට වැඩෙන අතු විහිදී ගිය ශාකයකි. කඳේ පොත්ත අළු පාටය. මෘදුය. දිළිසෙන ගතියකින් යුක්තය. කහමෝදර, රැකව, පුත්තලම, කල්පිටිය, හලාවත කඩොලාන ප්‍රජාවන් තුළ දැකිය හැක.

සෙන්ටි මීටර් 3-4ක් පමණ පළල සෙන්ටි මීටර් 4-8ක් පමණ දිග කුඩා පත්‍ර හා එම ප්‍රමාණයේම පුෂ්ප සහිතය. නිපත්‍ර දැකිය නොහැක. රළු කෙදි සහිත පත්‍ර දුර්වර්ණ කොළ පාටය. පුෂ්ප මංජරිය ඡත්‍රාකාරය. සුදු පැහැති පුෂ්ප දළ රේණු 5කින් යුක්ත වේ. ඵලයේ බීජ දෙකකි. ලා දුඹුරු පැහැති බීජය ජලාබුජ ප්‍රරෝහණය පෙන්වයි.

No comments:

Post a Comment