Wednesday, June 30, 2010

පරිසර සංරක්ෂණයේ වැදගත්කම


සොබාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සදහා පරිසර සංරක්ෂණය ඉතා වැදගත් වෙයි. මිනිසා පරිබෝජනය කරන පරිසර සම්පත් ඉවක් බවක් නැතිව විනාස කිරීම නිසා අද දවස වනවිට දැඩි පරිසර හානියක් ඇතිවී තිබෙයි .පස ,ජලය,ඉන්ධන,ලෝහ වර්ග ,වනාන්තර ,අද දවස වනවිට දැඩි අර්බුධකාරී පරිසර ගැටළු නිර්මාණය කර තිබේ.
සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමටද පරිසර සංරක්ෂණය වැදගත් වෙයි .දැව කර්මාන්තය පවතින රටක වනාන්තර විනාස නොවන පරිදි දැව කැපීම සිදු කල යුතුය.එසේම ශාක වර්ග සහ සත්ව වර්ග රක ගැනීම පරිසර සංරක්ෂණයේ පරමාර්ථයකි.වනාන්තර ආරක්ෂා කර ගැනීමෙන් ඒ අවට ශාක සහ සත්ව වර්ග රෙකගත හැක .එසේම භුමියේ ඵලදායිතව රක ගත හැක.එමෙන්ම පරිසර සුන්දරත්වය රක ගැනීමටද පරිසර සංරක්ෂණය වැදගත් වෙයි. පරිසර සුන්දරත්වය රටකට සම්පතකි .නමුත් වර්තමානය වන විට මිනිස් හැසිරීම් නිසාවෙන් පරිසරයේ අලංකාරය නැතිවී යමින් පවතී.
එමෙන්ම මිනිස් සෞඛයය සදහාද පරිසර සංරක්ෂණය වැදගත් වෙයි.මිනිසාගේ හැසිරීම නිසා වාතය ,ජලය,ගොඩබිම ,දුෂණය වීම නිසා විවිධ රෝගාබාධ හටගෙන තිබ්යි .

1 comment:

  1. වැඩේ හොදයි හැමදාම කරගෙන පලයන්...

    ReplyDelete